Total Pageviews

Friday, January 3, 2020

බුත්තල - කතරගම මාර්ගයේදී දිවියෙකුෙගන් යතුරු පැදිකරුෙවකුට ප්‍රහාරයක්

යාල අංක 3  කලාපයේ, බුත්තල - කතරගම මාර්ගයේදී දිවියෙකු කඩා පැන සපා කෑම හේතුවෙන් යතුරුපැදිකරුවකු  අද(31) තුවාල ලබා ඇත.
දිවියා සංචාරකයන් සහ මගීන් විශාල පිරිසක් ගමන්ගන්නා මෙම මාර්ගයට පැමිණ එහි ගමන්ගන්නා පිරිසට පසුගිය දිනවලදී ද පහර දී ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
ඊයේ(30) එම දිවියා එහි ගමන් ගත් තරුණයන් තිදෙනෙකු වෙත පැන සපා කා තුවාල කර ඇති අතර, පෙරේදා(29) තවත් යතුරුපැදිකරුවකුට තුවාල කර ඇත. මේ හේතුවෙන් ජනයා දැඩි බියකට පත්ව සිටිති.
මෙයට මාස 6 කට ඉහත දි මේ අයුරින් මිනිසුන් වෙත කඩා පැන තුවාල කළ දිවියකු වනජීවි නිලධාරීන් අල්ලා වෙනත් ප්‍රදේශයක් වෙත මුදා හැර තිබිණි.
මේ සම්බන්ධව ඌව හා දකුණු පළාත් භාර වනජීවී සහකාර අධ්‍යක්ෂ ප්‍රසන්න විමලදාස මහතා මෙසේ පැවසුවේය.


“මෙම මාර්ගය යාල වන උද්‍යානයට අයත් ප්‍රදේශයක්. ඇතැම් මාළු වෙළෙන්දන් ඉතුරු වන මාළු වනයට විසිකරනවා. ඒවා කඑන්න හුරුවුණු  දිවියන් මාර්ගය ම එනවා. තවත් පිරිසක් වන අලින්ට කෑම දමනවා. මෙම මාර්ගය ජනයාට විවෘතව ඇත්තේ ගමන් යෑමට පමණයි. සමහර අය කැළයේ රථ වාහන නවතා තබා ගෙන අරක්කු බොනවා. තවත් පිරිස් වන අලින් සමග ඡායාරූප ගන්නවා. මම කාරුණිකව ඉල්ලා සිටිනවා මෙම අලින්ට කෑම දීම නවත්තන්න කියලා. කැළෑවේ කිසිම තැනක වාහන නවතා කාලය ගත කරන්න එපා. වන සතුන්ටයි කැළය අයිති. මම වන ජීවී නිලධාරීන් යොදවලා මෙම දිවියා සම්බන්ධව සොයා බලනවා” යැයිද ඔහු කීය.

No comments:

Post a Comment