Total Pageviews

Saturday, January 4, 2020

සියලූම දෙනාට නිතියෙන් දඩුවම් ලැබෙයි, අයේ මෙවන් දෙවල් රටේ නොවෙන්න මේවා හොද උදාහරණ


රතු පාට කොටුව ඇතුලේ සිටින ගැහැනිය ග්‍රම නිලදාරි කෙනෙකි අපේ රටට වෙලාතියෙන දේ 

Friday, January 3, 2020

බුත්තල - කතරගම මාර්ගයේදී දිවියෙකුෙගන් යතුරු පැදිකරුෙවකුට ප්‍රහාරයක්

යාල අංක 3  කලාපයේ, බුත්තල - කතරගම මාර්ගයේදී දිවියෙකු කඩා පැන සපා කෑම හේතුවෙන් යතුරුපැදිකරුවකු  අද(31) තුවාල ලබා ඇත.
දිවියා සංචාරකයන් සහ මගීන් විශාල පිරිසක් ගමන්ගන්නා මෙම මාර්ගයට පැමිණ එහි ගමන්ගන්නා පිරිසට පසුගිය දිනවලදී ද පහර දී ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
ඊයේ(30) එම දිවියා එහි ගමන් ගත් තරුණයන් තිදෙනෙකු වෙත පැන සපා කා තුවාල කර ඇති අතර, පෙරේදා(29) තවත් යතුරුපැදිකරුවකුට තුවාල කර ඇත. මේ හේතුවෙන් ජනයා දැඩි බියකට පත්ව සිටිති.
මෙයට මාස 6 කට ඉහත දි මේ අයුරින් මිනිසුන් වෙත කඩා පැන තුවාල කළ දිවියකු වනජීවි නිලධාරීන් අල්ලා වෙනත් ප්‍රදේශයක් වෙත මුදා හැර තිබිණි.
මේ සම්බන්ධව ඌව හා දකුණු පළාත් භාර වනජීවී සහකාර අධ්‍යක්ෂ ප්‍රසන්න විමලදාස මහතා මෙසේ පැවසුවේය.


“මෙම මාර්ගය යාල වන උද්‍යානයට අයත් ප්‍රදේශයක්. ඇතැම් මාළු වෙළෙන්දන් ඉතුරු වන මාළු වනයට විසිකරනවා. ඒවා කඑන්න හුරුවුණු  දිවියන් මාර්ගය ම එනවා. තවත් පිරිසක් වන අලින්ට කෑම දමනවා. මෙම මාර්ගය ජනයාට විවෘතව ඇත්තේ ගමන් යෑමට පමණයි. සමහර අය කැළයේ රථ වාහන නවතා තබා ගෙන අරක්කු බොනවා. තවත් පිරිස් වන අලින් සමග ඡායාරූප ගන්නවා. මම කාරුණිකව ඉල්ලා සිටිනවා මෙම අලින්ට කෑම දීම නවත්තන්න කියලා. කැළෑවේ කිසිම තැනක වාහන නවතා කාලය ගත කරන්න එපා. වන සතුන්ටයි කැළය අයිති. මම වන ජීවී නිලධාරීන් යොදවලා මෙම දිවියා සම්බන්ධව සොයා බලනවා” යැයිද ඔහු කීය.

ප්‍රවීණ ගීත රචක ශාන්ත දේශබන්දු වෙනුවෙන් උපහාර ග්‍රන්ථයක්

ප්‍රවීණ ගීත රචක ශාන්ත දේශබන්දු වෙනුවෙන් උපහාර ග්‍රන්ථයක් නිකුත් කිරීමට ඒ මහතාගේ පුත් පූර්ණ ශාන්ත අතපත්තු කටයුතු කොට තිබෙනවා.

ඒ එළැඹෙන ජනවාරි 15 දාට යෙදී ඇති ඒ මහතාගේ 4 වන ගුණ සමරුව නිමිති කරගෙනයි.

''ශාන්ත දේශබන්දු නම් ඔහු'' නමින් මෙම ග්‍රන්ථය නම් කොට තිබෙනවා.

වික්ටර් රත්නායක,දමිත් අසංක ,සේනානායක වේරලියද්ද වැනි බොහෝ කලාකරුවන් වෙනුවෙන් ගීත රචනා කර ඇති ශාන්ත දේශබන්දු මහතාගේ නිර්මාණ අතර මනමාලිය වි හෙට දවසේ , මල් වියනින් බැදී මහා බැද්දෙ වුන්, මල් පබා, සාගරය බදු වේදනාවෝ සුන්වේලා යනවෝ, මගේ ඡිවිතය පුරා,දවාලේ පායන චන්ද්‍රයා ,මදුරුවන්ට පුරුදු කරමු මල් පැණි බොන්න වැනි මෙරට ගීත රසිකයින් අතර අතිශය ජනප්‍රියත්වයට පත්වූ නිර්මාණද වනවා

මගේ පියා ගඩොල් කපලයි මට ඉගැන්නුවේ : ජීව විද්‍යා අංශයෙන් ත්‍රිකුණාමලයේ ප්‍රථමයා වූ මීරාසාගේ කතාව


මෙවර පැවති අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ ජීව විද්‍යා අංශයෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ත්‍රිකුණාමලය සහිරා විද්‍යාලයේ ඉගෙනුම ලබන මීරාසා පාතිමා සිසුවිය සමත්ව තිබෙනවා.
මුතූර්, සාපි නගර් හි පදිංචි මෙම සිසුවියට වැඩිමහල් සහෝදරයින් දෙදෙනෙක් සහ එක් සහෝදරියක් සිටින අතර ඔවුන් උපතින්ම දිළිදු කමින් පිඩා විදින පවුලක් බවයි අප නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ.
මුතුර් අල් මීනා පාසලේ මුලික අධ්‍යාපනය ලැබූ ඇය අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගය ඉහලින්ම සමත්වීම නිසා ත්‍රිකුණාමලය සහිරා විද්‍යාලයට ඇතුලත් වීමට වරම් ලබා තිබෙනවා. මුතූර් සිට ත්‍රිකුණාමලයට දිනපතා ගමන් කිරීම දුෂ්කර කටයුත්තක් බැවින් ඇයව ත්‍රිකුණාමලයේ පිහිටි නේවාසිකාගාරයක නැවැත්වීමට පාතිමා ගේ දෙමව්පියන් තීරණය කර තිබෙනවා.
ගඩොල් කැපීම සහ කුලීවැඩ කිරීම ජීවිකාව කරගත් පාතිමාගේ තාත්තා සිය දියණියගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් තමන්ට කළ හැකි උපරිමය සිදුකර ඇත්තේ දහසක් බාධක හමුවේ බවයි අප වාර්තාකරු සඳහන් කලේ



" මගේ තාත්තා ගඩොල් කපලා කුලි වැඩ කරලයි මට ඉගැන්නුවේ. ටියුෂන් පන්ති යන්න තාත්තා  සල්ලි දුන්නා. අපේ නැති බැරි කමට දුෂ්කරතාවයන්ට මම මුහුණ දුන්නා. ඉගෙන ගන්න සල්ලි ඕන තමයි. නමුත් විභාගය පාස් කරන්න දුප්පත්කම මම බාධාවක් කර ගත්තේ නැහැ. මොන ක්‍රමයෙන් හරි තාත්තා මට සල්ලි සොයලා දුන්නා හැදේකටම. මම විශේෂඥ වෛද්‍යවරියක් (නාරි හා ප්‍රසව) වීමටයි මගේ අනාගත බලාපොරොත්තුව. ඒ වගේම ගඩොල් කපා මගේ අධ්‍යාපනය වෙනුවෙන් මහන්සිවී කැපවීම් කළ දෙමව්පියන් වගේම අකුරු කරවූ ගුරුවරුන්ව කිසිදා අමතක කරන්නේ නැහැ" ජීව විද්‍යා අංශයෙන් එ සමාර්ථ දෙකක් සහ බී සාමාර්ථයක් ලබා ගනිමින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය දිනා ගත් මීරාසා පාතිමා සිසුවිය කියා සිටියා.
දුප්තකම ඉගනිමට බාධාවක් නොවේ යැයි අන් අයට ආදර්ශයක් දුන් සිය දියණියගේ ඉදිරි අනාගතය වෙනුවෙන් කටයුතු කිරීමට තමන් කැපවී සිටින බව දැනට 75 හැවිරිදි මිරාසා පාතිමා ගේ පියා පවසා සිටිනවා.

දෙදහස් විස්සේ තීරණාත්මක දිනයක් ගැන අනාවරණයක්


උදාවන 2020 නව වසරේ අපේ‍්‍රල් මස 25වැනිදා බොහෝ විට ශී‍්‍ර ලංකාට තවත් තීරණාත්මක දිනයක් වනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය පවසනවා.
මීළඟ මහ මැතිවරණය එදින පැවැත්වීමට වැඩි ඉඩකඩක් තිබෙන බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ. 
ඊයේ (30) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් ගුඞ් නයිට් වැඩසටහනේදී මෙම අදහස් පළ කෙරුණා.


නිතියේ දක්වා ඇති ආකාරයට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු දින 52කට නොඅඩු සහ 66 කට නොවැඩි කාලයකදී මහ මැතිවරණය පැවැත්විය යුතුයි. ඒ අනුව මාර්තු මස 01වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරුණ හොත් අපේ‍්‍රල් මස 25 වැනිදා හැර මහ මැතිවරණය පැවැත්විය හැකි විකල්ප දින පිළිබඳවද මෙහිදී විස්තර කෙරුණා.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය සහභාගී වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් ගුඞ් නයිට් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් පිවිස නැරඹිය හැකියි

සති අන්ත නිවාඩුවට බදුලු යන්න විශේෂ දුම්රියක්

බන 9 දා සිට දින හතරක් කොළඹ කොටුව හා බදුල්ල අතර විශේෂ දුම්රියක් ධාවනය කෙරේ.
තෛපොංගල් උත්සවය හා සති අන්ත දිර්ඝ නිවාඩු වෙනුවෙන් මගීන්ගේ පහසුව සඳහා යොදවා තිබෙන මෙම විශේෂ දුම්රිය ලබන 9,10,12 හා 14 දිනවල ධාවනය කෙරෙන බව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (වාණිජ) වී.එස්.පොල්වත්තගේ මහතා පැවසීය.
කොටුව දුම්රිය ස්ථානයෙන් රාත්‍රී 7.35 ට ද බදුල්ල දුම්රිය ස්ථානයෙන් රාත්‍රී 8.30 ට පිටත්වීමට නියමිතය.
මෙම දුම්රිය සඳහා කලින් ආසන වෙන් කිරිමේ පහසුව සලසා තිබේ.

ලැව්ගිනි හේතුවෙන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට තුන්වැනි වතාවට්‍ හදිසි තත්ත්වයක්

එබැවින් මේ පිළිබඳ අවධානයෙන් පසුවන්නැයි බලධාරීහු පදිංචිකරුවන්ගෙන් සහ විදේශකයින්ගෙන් ඉල්ලීක් කරති.
මෙම හදිසි තත්ත්වය දින 7 ක් පුරා ක්‍රියාත්මක වෙයි.පසුගිය දෙසැම්බර් මාසයේ මෙම ප්‍රාන්තයට දෙවැනි වතාවට හදිසි තත්ත්වය පැනවුණි.
ලැව්ගිනි සති අන්තය පුරා තවත් පැතිරිය හැකි බැවින් උෂ්ණත්වය සෙල්සියස් අංශය 40 ඉක්මවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
පසුගිය නොවැම්බර් මාසයේදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ආරම්භ වූ ලැව්ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගයින් තිදෙනෙකු මියගොස් ඇති අතර හානියට පත්වූ නිවාස සංඛ්‍යාව 380 කට අධිකය

විදේශීය සංචාරකයින්ට පමණක් අවන්හල් -හෝටල් පවත්වන්නන්ට දැඩි නීතී

දේශීය සංචාරකයින් නොමැතිව , විදේශීය සංචාරකයින් සදහා පමණක් අවන්හල් සහ හෝටල් පවත්වා ගෙන යන්නන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සභාපති කිමාලි ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය.
එවැනි අවස්ථාවක ආයතනයක්  වැරදිකරු වුවහොත් එවැනි ආයතනවල බලපත්‍ර අත්හිටුවීමට හෝ අවලංගු කිරීමට සංචාරක සංවර්ධන අධිකාරිය පියවර ගන්නා බවත්, එම ප්‍රදේශවල නව බලපත්‍ර නිකුත් කිරීමට පියවර ගන්නා බවත් සභාපතිනිය වැඩිදුරටත් පැවසුවාය.
"විදේශිකයින්ට පමණයි’ ප්‍රතිපත්තිය යටතේ හික්කඩුව සහ අරුගම්බේ යන ප්‍රදේශවල ඇතැම් අවන්හල් සහ හෝටල්වලට ඇතුළුවීමට ඉඩ නොදෙන බවට දේශීය සංචාරකයින් විසින් පැමිණිලි කිහිපයක් ඉදිරිපත් කර ඇති අතර, එලෙස දේශීය සංචාරකයින්ට වෙනස්කම් කරන හෝටල් හා අවන්හල් වලට එරෙහිව මෙම ක්‍රියාමාර්ග ගන්නා බවද සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනිය කියා සිටියාය.
අපේ ව්‍යවස්ථාවෙන් සියලුම පුරවැසියන්ට සමාන අයිතියක් ලබා දී ඇති බවත් , ජාතිය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ භාවය හෝ එවැනි හේතුන් මත කිසිදු පුද්ගලයෙකුට සාප්පු, පොදු අවන්හල්, හෝටල්, පොදු විනෝදාස්වාද ස්ථාන වෙත ප්‍රවේශ වීම සම්බන්ධයෙන් කිසිම කොන්දේසියකට යටත් වීමට අවශ්‍යතාවයක් නැතැයිද අධිකාරියේ සභාපති කිමාලි ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළාය.
විදේශීය සංචාරකයින්  අඩු සමයේදී සහ පාස්කු ඉරිදා ප්‍රහාර වැනි ඕනෑම දුෂ්කර කාලයකදී සංචාරක කර්මාන්තයට සහාය වන්නේ දේශීය සංචාරකයින් බැවින් එවැනි වෙනස්කම් කිරීම වළක්වා ගන්නා ලෙස අධිකාරිය සංචාරක හෝටල් වල නිරත ව්‍යවසායකයින් ගෙන් ඉල්ලා සිටී.

ශ්‍රී ලංකාවත් - මාලදිවයිනත් අතර සංචාරක ප්‍රවර්ධන වැඩපිළිවෙළක්

සංචාරක කර්මාන්තය ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකාව හා මාල දිවයින අතර ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට මාලදිවයිනේ ශ්‍රී ලංකා තානාපති ඕමර් අබ්දුල් රසාක් මහතා සහ කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අතර පැවති සාකච්ඡාවකදී එකඟතාව පළ වී ඇත.

ශ්‍රී ලංකාවට විදේශ සංචාරකයින් ගෙන්වා ගැනීමටත්, ලංකාවේ සංචාරය කිරීමෙන් පසු ඔවුන් මාලදිවයින වෙත යොමු කර විවේකීව එහි කාලය ගතකිරීමට අවස්ථාව ලබා දීමටත්  හැකියාව ඇති බව මාලදිවයින තානාපතිවරයා රණතුංග මහතාට පවසා ඇත.
 
මාලදිවයින සංචාරකයින්ට නැරඹීමට ස්ථාන අඩු බවත් එරටට පැමිණෙන සංචාරකයින් පැමිණෙන්නේ නිදහසේ විවේකීව සිටීමට බවත් කියන මාලදිවයින් තානාපතිවරයා ලංකාවේ දී සංචාරකයන්ට නැරඹීමේ ස්ථාන රැසක් ඇති බවද සඳහන් කර තිබේ.
 
සංචාරක අංශයේ ප්‍රධානීන් සමග ද සාකච්ඡා කර මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ වැඩ පිළිවෙළක්  සකස් කළ හැකි බව  ඇමතිවරයා මෙහිදී තානාපතිවරයාට පෙන්වා දුන්නේය.
 
මාලදිවයිනේ විදේශ කටයුතු ඇමතිවරයා ජනවාරි 28 සිට තෙදින සංචාරයක් සඳහා මෙරටට පැමිණෙන බැවින් එහිදි මේ සම්බන්ධයෙන් ඉදිරි සාකච්ඡා පැවැත්වීමට එකඟතාවය පළ කර ඇත.
 
සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ලේකම් මරීනා මොහොමඩ්, කාර්මික අපනයන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශ ලේකම් මාපා පතිරණ යන මහත්වරුද මෙම සාකච්ඡාවට එක්වූහ

පුළුන් කර්මාන්තශාලාව ගින්නක්

සේදවත්ත කලුපාලම  ප්‍රදේශයේ   පුළුන් කර්මාන්ත ශාලවක මීට මද වේලාවකට පෙර ගින්නක් හටගෙන ඇතැයි පොලීසිය කියයි.
ගිනි නිවන හමුදාවේ ගිනි රථ අටක් පමණ මේ වන විට  ස්ථානයට යවා ඇතැයි ගිනි නිවන හමුදාව  සඳහන් කළේය.

කඩාවැටුණු යානයෙන් නියමුවා ඇතුළු තිදෙනෙකුගේ සිරුරු හමුවෙයි

හපුතලේ තම්බපිල්ලේ වතුයායට කඩා වැටී අනතුරට ලක්වූ ගුවන් යානයේ  ගුවන්  නියමුවා ඇතුළු තිදෙනකුගේ  සිරුරු  මේ වනවිට සොයාගෙන  ඇතැයි  පොලීසිය කියයි.
ගුවන් යානය  කඩාවැටුණු   ප්‍රදේශය ආරක්ෂක කලාපයක් බවට පත්කර තිබේ.
 
වැඩිදුර තොරතුරු සොයා පරීක්ෂණ සිදු කරමින් පවතී


හපුතලේ නගරය ආසන්නයේ දී  අද (3) සැහැල්ලු ගුවන්යානයක් කඩා වැටී අනතුරක් සිදුව තිබේ. එම යානය ගුවන් හමුදාවට අයත් එකක් නොවන බව වාර්තා වෙයි